FAST NEWS

24×7 Around the Globe

20 ට එරෙහිව ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එමගින් ඉල්ලා ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.
විධායක ජනාධිපති ධූරය සංශෝධනය කිරීම සඳහා වූ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
D.Undugoda