FAST NEWS

24×7 Around the Globe

2019 අයවැය පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් 08 ඇරඹේ..

2019 අයවැයට අදාළ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධ කටයුතු නොවැම්බර් මස 08 වැනිදා සිට දෙසැම්බර් මස 08 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
වර්ෂය මැද ආර්ථීක හා මුදල් තත්ත්වය පිළිබඳ දිනක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධය කළ ඉල්ලීමටද අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එම විවාදය ලබන මස පළමු සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනයකදී පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟවී ඇත.
මේ අතර විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනාව අද (07) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බවද ආණ්ඩු පක්ෂය ඊයේ දිනයේ පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.