FAST NEWS

24×7 Around the Globe

අලි රොෂාන් CID අත්අඩංගුවට…

අලි රොෂාන් යන අන්වර්ත නාමයෙන් හදුන්වන නිරාජ් රොෂාන් ඊයේ (06) රාත්‍රී 12.00 ට පමණ මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වනාන්තරවල සිටින අලි පැටවුන් අල්ලා ගෙනවිත් විවිධ පුද්ගලයන්ට විකුණූ බවට සහ ඔහු සන්තකයේ අලි පැටවුන් රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇත.
එලෙස ඔහු රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාරදුන්හ.
ඔහුව මීට පෙරද 2015 වසරේදී අලි ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
D.Undugoda