FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති අද (07)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

ජාතික පොලිස් කොමිසන් සභාව සහ පොලිස්පතිවරයා අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා ඇත.
මෙම කැදවීම සිදුකර ඇත්තේ පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර හටගෙන ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
එම කොමිසමේ සභාපතිවරයා විසින් කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුලත් වේ.
D.Undugoda