FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායකට නැවතත් සිතාසි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නැවත වරක් සිතාසි නිකුත් කරනු ලැබීය.
2002 වසරේ සතොස ආයතනයට හාල් මිල දී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් එම ආයතනයේ හිටපු සාමාන්‍යධිකාරි විමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.
එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස එවකට හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රවි කරුණානායක සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු පිරිසක් ද නම් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම නියෝගය කළ අතර එම නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග මහතාට ද එදින සාක්ෂි දීම සඳහා පෙනී සිටින්නැයි දන්වා තවත් සිතාසියක් නිකුත් කරනු ලැබීය.
D.Undugoda