FAST NEWS

24×7 Around the Globe

අහාර විෂවී ළමුන් 54 ක් වටවල රෝහලට ඇතුළත් කරයි..

වටවල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 06 ත් 13 ත් අතර ළමයින් 54 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ රෝහල් ගතකර ඇත.
ක්ලාන්තය සහ වමනය ඇතිවීම හේතුවෙන් ළමුන් මෙලෙස අසණීප වී ඇත.
එම මධ්‍යස්ථානයෙන් ලබාදුන් දිවා ආහාරය විෂවීමෙන් මෙම අසාත්මිකතාව ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
රෝහල් ගතකළ ළමුන්ගෙන් 32 ක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවදුරටත් 22 ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
D.Undugoda