FAST NEWS

24×7 Around the Globe

සුළගේ වේගය ඉහළට..ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

අද දිනයේ උතුර , උතුරු මැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව පළාතට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (06) දිනයේදී වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සදහන්.
වැලිපැන්න, වැද්දාගල, පල්ලෙබැද්ද , අඟුණකොළපැලැස්ස සහ මහයියාව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
D.Undugoda