ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය සදහන් කර සිටියි.
ජනබලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිස ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ආරම්භ කළ එම සත්‍යග්‍රහය අද (06) අලුයම 1.15 ට පමණ අවසන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයට පැමිණ එය නිල වශයෙන් අවසන් කරන බවට දැනුම්දීමත් සමඟ ඊට එක්ව සිටි පිිරිස විසිර ගොස් තිබේ.
ඊයේ රාත්‍රියේ පැවති ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් මින් පීඩාවට පත්වූ බවයි.
මේ අතර විරෝධතාව අතරතුර හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
39 හැවිරිදි මොහු හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ ඊයේ දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැතියි.
පාගමන එක් වූ පිරිස්වලින් කිසිදු කඩා කප්පල්කාරී ක්‍රියාවක් සිදුවූ බවට වාර්තා වී නොමැති බවත් එහෙත් ලේක් හවුස් වටරවුම හා අවට ප්‍රදේශවල වාහන ගමනාගමනයට යම් බාධා සිදු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
D.Undugoda
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.