FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍යවලට එරෙහි නීතිය ශක්තිමත් කරන්න ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලංකාවට..

දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්ය.
ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය මෙම මධ්‍යස්ථානයේ සාමාජික රටවල් වන අතර ශ්‍රී ලංකාව මෙම රටවල් සමඟ අදාල අවබෝධතා ගිවිසුමට එළඹීමට නියමිතය.
D.Undugoda