FAST NEWS

24×7 Around the Globe

ජන බල මෙහෙයුමට පෙළපාලි 06 ක්…ආරක්ෂාව සදහා පොලිසියේ 5000ක් යොදවයි..

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය විරෝධතා රැළියට සහභාගි වීම සඳහා පෙළපාලි 06 කින් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු, සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් මෙම පෙළපාලි කොළඹට පැමිණෙනු ඇත.
මෙලෙස පැමිණෙන පෙළපාලි මධ්‍යහ්න 12.00 ත් පස්වරු 2.00 ත් අතර කාලසීමාව තුළ කොළඹ එක් ප්‍රධාන ස්ථානයකදී එක්වීමට නියමිත බවත් වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා නියෝජිතයන් කිහිපදෙනෙකු කොළඹ සෑම ප්‍රධාන මංසන්ධියකම යොදවා ඇති අතර විරෝධතා රැළිය පැවැත්වීමට කොළඹ විහාරමහා දේවි උද්‍යානය සහ බොරැල්ල කැම්බල් පිටිය මුදල් ගෙවා වෙන් කරගෙන ඇති බවද වාර්තා වෙයි.
කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 5000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේය.
D.Undugoda