“ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන අතර අද (05) පස්වරු 2.00 ට ජන රැළිය ආරම්භ වන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3.00 ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් කොළඹ ආරක්ෂාව තර කිරීමටද පොලිසිය පියවර ගෙන තිබේ. අරලියගහ මන්දිරය අසළ ජල ප්රහාරක රථ 03 ක් ස්ථානගත කර ඇත. ලෝටස් වට රවුමේ ද ජල ප්රහාරක රථ සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් යොදවා ඇත.
බත්තරමුල්ල දියත උයන සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේද මෙලෙස පොලිස් ආරක්ෂාව තර කර තිබේ.












