FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්.

මහ මැතිවරණයට අදාළව සිදුකෙරෙන සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය අවධාරණය කරයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිදු ආකාරයක ප්‍රචාරණ ක්‍රියාවලියක යෙදීම නීති විරෝධී බව ය.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු අපේක්ෂකයෙකුට දිස්ත්‍රික්කයක් තුළ තබා ගත හැක්කේ එක් මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පමණක් බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ නිලධාරීන්ට සහ ගුරුවරුන්ට අද උදෑසන කාලයේ තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූවන් සඳහා පමණක් එම අවස්ථාව දී ඇති බව ය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රිය අවසන් වීමෙන් පසු නීති විරෝධීව ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.