FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් තොටුපලට විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් අනුමැතිය..

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10 ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග පවසයි. 
මීට අදාළ යෝජනාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. 
ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු වලට ද පහසුවන ලෙස මෙම විද්‍යුත් ගේට්ටු සවි කිරීමට නියමිතය. ඊට අමතරව ගුවන් තොටුපලට තාවකාලිකව මගී පර්යන්තයක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
D.Undugoda