FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණය තවදුරටත් – දිස්ත්‍රික්ක 11කට දැඩි බලපෑම්

මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11 කට මේ වන විට බලපෑම් එල්ල වී ඇති අතර තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවලට මෙමගින් වැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද දිනයේදීත් ආඩිඅම්බලම, නාරන්ගොඩ, ගෙවිලිපිටිය ආදී ප්‍රදේශ කීපයකට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
D.Undugoda