FAST NEWS

24×7 Around the Globe

හිමීවරු සිව් දෙනාට අධිකරණයෙන් ඇප..

පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපොළවලට හානි කළැයි කියන සිද්ධියට සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම හිමිවරු සිව්දෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි පසු ගිය 31 වැනිදා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.
DE සිල්වා