FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ප්‍රනාන්දු අැතුළු තිදෙනෙක් රිමාන්ඩ්..

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රානාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ අද (03) නියෝග කළේය.
අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (03) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණී.
මේ අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන මොහොමඩ් සකීර් යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහාධිකරණය නියෝග කළේය.
DE සිල්වා