FAST NEWS

24×7 Around the Globe

ගලහ රෝහලේ දේපලවලට හානි කළ 07 ක් අත්අඩංගුවට..

පසුගියදා ගලහ මූලික රෝහලේ දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා 03 ක් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අයුතු ජනරාශිය සහ රජයේ සේවකයින් සාපරාධි බිය ගැන්වීම ඔවුන්ට එල්ල වී ඇති අනෙක් චෝදනා වෙයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වයස අවුරුදු 25 ත් 40 ත් වයසේ පසුවන ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචි අයවේ.
මෙම සිද්ධිය පිලිබදව විමර්ශන සිදුකරන ගම්පොල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අත්අඩංගුවට ගත් එම සැකකරුවන් භාරදී ඇති අතර, ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 28 වනදා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගනු ලැබීය.
D.Undugoda