FAST NEWS

24×7 Around the Globe

ඩිලාන් පෙරේරා මාධ්‍යවේදීන්ට බුලත් දෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා බුලත් අතක් රැගෙන විත් මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබා දෙන්නැයි අද මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ අවස්ථාවේදීයි.

තමාට ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයක් පිරිනැමූ පසු මාසයක් පුරා එක දිගට මාධ්‍ය හමුවලට සම්බන්ධ වූ බවත්ල ඒවාට පැමිණි මාධ්‍යවේදීන් තමා අපහසුතාවට ලක්වන ප්‍රශ්න යොමුකළද ඔවුන් සියලුදෙනා සන්ධානයට ඡන්දය ලබාදෙන බව විශ්වාස යැයි ඔහු එහිදී පවසා සිටියේය.

එම අවස්ථාවට එජනිස මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත්, ජාතික ලැයිස්තු අපේක්ෂක චරිත හේරත් යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.