FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 67 වැනි සංවත්සරය හෙට…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 67 වැනි සංවත්සරය ඉරිදා (02) යෙදී ඇත.
එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සදහන්කර සිටියේ මෙවර එම සංවත්සර සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුකරන බවයි.
එහි ප‍්‍රධාන ආගමික වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය රාජ මහා විහාරස්ථානයේදී එදින පස්වරුවේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
මෙහි හින්දු ආගමික ආශිර්වාද දේව මෙහෙය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදී පැවැත්වෙන අතර මුස්ලිම් ආගමික දේව මෙහෙයන් දෙකක් පළාත් සභා , පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී හා ජාතික ප‍්‍රතිපත්ති හා ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප‍්‍රධානත්වයෙන් දවටගහ පල්ලියේදීත් පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
කිතුණු ආගමික වැඩසටහන පැවැත්වෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හලාවත මහ පල්ලියේදී සඳුදා (03) පෙරවරුව් පැවැත්වීමට නියමිතය.
D.Undugoda