FAST NEWS

24×7 Around the Globe

අපායේ ගියත් තමා නිදහස් බව මර්වින් සිල්වා කියයි.

2014 වසරේදී රාත්‍රී සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදීම පිළිබඳ මාලක සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන පෙබරවාරි 8 වැනිදාට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (13) නියෝග කළේය.

එම ස්ථානයට පැමිණි හිටපු ඇමැති මර්වින් සිල්වා කීවේ රාජපක්ෂ පවුල තම පුත් මාලක සිල්වා මෙම නඩුවට සම්බන්ධ කළ බවත් මේවා පිටුපස සිටින්නේ ඔවුන් බවත්ය. තමා අපායේ ගිය දවසට ‘උඹ පන්දම් අල්ලපු එක විතරයි කළේ‘ කියා යම රජු තමාව නිදහස් කරනු ඇතැයිද මර්වින් සිල්වා එහිදී කීවේය.