FAST NEWS

24×7 Around the Globe

රත්නපුර සන්ධාන අපේක්ෂක ප්‍රේමලාල්ට අධිකරණයෙන් ජන්දය ප්‍රකාශ කිරිමට නොදෙයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තමාට මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීම පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා අද (13) ප්‍රතික්ෂේප කළා. ඒ, තම සේවාදායකයාට මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අද සළකා බැලූ අවස්ථාවේදියි.

මහේස්ත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේ මෙවැනි අවසර ලබාදීමක් සම්බන්ධයෙන් මීට පෙර පූර්වාදර්ශයන් නොමැති බවයි. බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයෙකුට ඡන්දය ලබාදීමට හැකිවන ලෙස විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කළ නොහැකි බවද විනිසුරුවරයා මෙහිදී සඳහන් කළා.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මෙවර මහ මැතිවරණයේ නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ති‍්‍රක් අපේක්ෂකයෙකුද වනවා.