අද (11) ඉන්දුනීසියාවේ Yahukimo දිස්ත්‍රීකයේ Ninia ගුවන් තොටුපළේ ධාවන පථයට ගොඩබැස්වීමෙදි එරට නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
අනතුර වන අවස්තාවේ ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුලු හයදෙනෙකු සිට ඇති අතර ඉන් එක පුද්ගලයෙකු මීය ගොස් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
ගුවන් තොටුපල ආසන්නයේ පැවති අයහපත් කාළගුණ තත්වය නිසා මෙම අනතුර සිදුව ඇති බව බළධාරීන් පවසන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.







