FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගතවීමට අවසර..

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (31) දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේය.
නීතිවිරෝධී අන්දමින් තම විහාරයේ අලි පැටවෙකු තබා ගැනීමේ චෝදනාවට විත්තිකාර වූ ධම්මාලෝක හිමියන් මෝසමක් ගොනුකිරීම මගින් සිදුකළ ඉල්ලීම සලකා බලා විනිසුරුවරයා එම නියෝගය සිදුකළ ඇත.
මෙම අධිකරණ නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත නිසි ආකාරව යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය 26 වනදා විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවනු ලැබීය.