FAST NEWS

24×7 Around the Globe

එළැඹෙන පාසල් නිවාඩුව සම්බන්ධයෙන් දැනුම් දීමක්..

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු මස 03 වැනි සිකුරාදායින් අවසන් වේ.
නැවත තෙවන පාසල් වාරය ආරම්භ කරන්නේ සැප්තැම්බර් මස 03 වන සඳුදායි.
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
D.Undugoda