FAST NEWS

24×7 Around the Globe

පොදුරද මහලේකම් හෙට (01) දිවයිනට..

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (01) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
2016 වර්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.
මහලේකම්වරිය මෙම සංචාරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ලන්ඩනයේ පවත්වන ලද 2018 අන්තර් පොදුරාජ්‍ය මණ්ඩලය වෙළෙඳාම වැඩි දියුණු කිරීමේ රාජ්‍ය නායක සමුළුවේ දී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සංචාරයේ දී එම මහත්මිය අවධානය යොමු කිරීමට නියමිතව ඇති අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සංචාරයේ දී අවධානය යොමුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා