FAST NEWS

24×7 Around the Globe

කථානයකවරයා ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ අද (31) රැස් වෙති..

කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (31) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
මේ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මෙහිදි සාකච්ඡා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම ලබන මස 07 වන දායින් ආරම්භවීමට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පිළිබදව මෙහිදි කතිකා කිරිමට නියමීත බව පැවසේ.
හෙට (01) දිනයේදීද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවත් මෙහිදි පළාත් සභා ඡන්ද විමසීම සිදුකරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීමට නියමීත බවත් පැවසේ.
DE සිල්වා