FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය ගැන රෝගීන් දැනුවත් කිරිමට යයි..

සිංගප්පූරු ගිවිසුම ඇතුළු කරුණු 10 ක් මුල් කරගෙන අගෝස්තු 03 වැනිදා පෙරවරු 08 සිට ආරම්භ කිරීමට නියමිත දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයට සමගාමීව අද (30) සිට මෙම වැඩ වර්ජනයට තුඩු දුන් කරුණු පිළිබඳව රෝහල්වල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවැසීය.
මෙම වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාටද ලිපියක් මගින් දැන්වූ බව එම සංගමය පවසයි.
අත්තනෝමතික ලෙස අත්සන් කරන ලද සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෘත්තීයවේදීන්ට පනවා ඇති නව බදු ප්‍රතිපත්තිය, වෛද්‍යවරුන්ගේ රැඳී සිටීමේ හා පැමිණීමේ දීමනාව යාවත්කාලීන නොකිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් නොකිරීම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම, වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම සඳහා නිලවරණය නොපැවැත්වීම, වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා ගැනීම සඳහා කළ ඉල්ලිම් නොසලකා හැරීම, වෛද්‍ය පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම, ස්ථාන මාරු ක්‍රමවේදය නිසි පරිදි සිදු නොවීම ඇතුළු කරුණු 10 ක් මුල්කර ගනිමින් මෙම වෛද්‍ය වැඩ වර්ජනය දියත් කිරීමට නියමිතය.

DE සිල්වා