FAST NEWS

24×7 Around the Globe

හලාවත – කොළඹ බස් වර්ජනයට තවත් සේවා සහයට එයි..

පසුගිය 26 වන දින රාත්‍රියේ හලාවත කොළඹ බස් රථ රියදුරෙකුට කොළඹදී බරපතල ලෙස පහරදීමක් මුල් කර ගනිමින් ,හලාවත කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 04 ක් ගතව තිබේ.
මේ වැඩ වර්ජනයට පුත්තලම- කොළඹ සාමාන්‍ය සේවා හා සුඛෝපභෝගි සේවා , ආණමඩුව – කොළඹ , හලාවත – මිගමුව ඇතුළු තවත් සේවකයන්ද මේ වර්ජනයට සහය දක්වා ඇති බව වාර්තා වේ.
පහර කෑමෙන් පසු මේ රියදුරු රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර මේ පහරදීම සිදුකල පිරිස අත් අඩංගුවට ගැනීමට මේ දක්වා පොලිසිය සමත් වී නොතිබුනත් පහරදුන් බස්රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව පොලිසිය කියයි.
DE සිල්වා