ජාතික විගණන පනතේ වගන්ති කිහිපයක් ක්රියාත්මක වන දිනය අගෝස්තු මස 01 දා සිට වලංගු බව දන්වමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 26 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව එම පනතේ අංක 01 සිට 09 දක්වා වන විධිවිධාන ක්රියාත්මක විය යුතු දිනය අගෝස්තු මස 01 දා බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.









