FAST NEWS

24×7 Around the Globe

යල කන්නයේ වී මිලදී ලබන 04 වැනිදා සිට..

යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 04 වන දා ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේය.
මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් බවත් එ මහතා පැවසුවේය.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොනාගොල්ල ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවෙන් මෙවර මිලදී ගැනීම් ආරම්භ කෙරෙන අතර නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41 ක මිලට ගන්නා බව ඔහු සඳහන් කළේ ය.
එම වී තොගවල තෙතමනය 14% අඩුවිය යුතු අතර බොල් ප්‍රතිශතය 9% ක් විය යුතු බවත් එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000 ක් වන බවද හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.
DE සිල්වා