FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් පෙරමු‍ණේ..

පාකිස්ථාන 11 වැනි මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඑලවලට අනුව හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නායකත්වය දරන පී.ටී.අයි පක්ෂය ආසන 112 ක් ගෙන පෙරමුණේ පසුවෙයි.
එසේම හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් මහතාගේ පී.එම්.එල්.එන් පක්ෂය මෙ වන විට ආසන 64 ක් දිනා සිටියි.
හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඛෙනාසීර් භූතෝ මහත්මියගේ පුත්‍රයා වන බිලාවල් සර්දාරි නායකත්වය දරන පී.පී.පී පක්ෂයට ආසන 42 ක් හිමිව ඇත.
මහජන ඡන්දයෙන් ආසන 272 කට සභිකයන් තෝරා ගැනෙන අතර ඒ අනුව බහුතර රජයක් පිහිටුවීමට එක් පක්ෂයක් ආසන 137 ක් දිනාගත යුතු වෙයි.
DE සිල්වා