FAST NEWS

24×7 Around the Globe

ජනපති සිය ධූර කාලය තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන දේ..

දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒමට සිය ධූර කාලය තුළ බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනපතිවරයා මේ බව සදහන්කර සිටියේ අද (25) කොළඹදී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.
බලය සහ දූෂණය එක්ව බැඳී ඇති දම්වැලක් සේ එකට ගමන් ගන්නා බවද , අල්ලස සහ දූෂණයද අපරාධ සහ මත්ද්‍රව්‍යද ලොව පුරා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදෙන ප්‍රධානතම අභියෝගය බවද කියා සිටියේය.