FAST NEWS

24×7 Around the Globe

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට..

පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමකට අනුව ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් ඒ තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය දෙස් විදෙස් සංචාරයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ එහි ඇති ඉහළ ජෛව විවිධත්වය සහ පාරිසරික පද්ධතියේ ඇති විශේෂත්වය නිසාය.
වසර 1991 සිටමේ දක්වා එය රැකබලා ගත්තේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් විසිනි.