කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති තනතුරින් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා ඉවත් කර තිබේ.
ඒ වෙනුවට එම තනතුරට බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා මහතා පත් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
සේවා අවශ්‍යතාව මත මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.
කෙසේ වෙතත් මේජර් ජෙනරාල් සිල්වා මහතා තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී ධුරයේ කටයුතු කරන බව හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.
පසුගියදා මිරිහානේදී පොලිස් භාරයට ගැනුණු සුදුවෑන් රථය සම්බන්ධ කතාවේදී ප්‍රසන්න සිල්වාගේ නමද ගැවී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණ.







