FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලිගේ ධූරය මසකට අත්හිටුවයි..

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ එකඟතාව පළ වෙයි.
ඒ ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසාය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවටයි ඔහුට චෝදනා එල්ල විය.
ඒ සඳහා එවක පැවති රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවටද මීට පෙර අනාවරණය කෙරුණි.