FAST NEWS

24×7 Around the Globe

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන19 කට තුවාල…

මැදවච්චියපූනෑව නාවික හමුදා කදවුර අසළදී බස් රථයක් මාර්යෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (25) අළුයම මෙම අනතුර සිදුව ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි. අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වූ බස් රථයකි.
රියදුරුට නින්දයාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ඇති අතර තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය තරමක් බරපතළ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.