FAST NEWS

24×7 Around the Globe

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක් ලබාගනී..

හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ඊයේ(24) පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කර තිබේ.
මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ යාපනේ පිහිටි ඇයගේ කාර්යාලය තුළදීය.
පස්වරු 3.00 සිට 6.30 දක්වා පැය තුනහමාරක කාලයක් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදුකිරීමට පියවර ගෙන ඇත.