රතුපස්වල වෙඩි වැදුණු පුද්ගලයන්ට වන්දි ලබා දීම සිදු වුවද වෙනත් කිසිදු ක්‍රියාවලියක් සිදුවී නැතැයි ,පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවකදි අනාවරණය විය.
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපය සහභාගිවයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සහ පර්යේෂණ අධ්‍යක්ෂවරයා ඉදිරියේ පැවැති එම සමාලෝචන රැස්වීමේදී ගම්වාසීහු මෙ බව පෙන්වා දුන්හ.
සිදුවුයේ රතුපස්වල වෙඩි වැදුණු පුද්ගලයන්ට වන්දි දීම පමණයි..








