FAST NEWS

24×7 Around the Globe

වලපනේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිට වසර 12 ක සිරදඬුවමක්..

වලපනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති ජගත් සමරහේවා මහතාට වසර 12 සිරදඬුවමක් නුවරඑළිය මහාධිකරණය අද (23) නියම කළේය.
මීට අමතරව ලක්ෂ 105 ක දඩයක් ගෙවීමටට අධිකරණයෙන් නියම කෙරුණී.
2004 අපේ‍්‍රල් 24 වැනි දා ඊට ආසන්න දිනයකදී උඩපුස්සල්ලාව ප‍්‍රදේශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශයට අයත් ලක්ෂ 35 ක් වටිනා ජීප් රථය සාවද්‍ය පරිහරණය කිරීම හා එකී වෙලාවන් තුළදී නීත්‍යනුකූල බලයක් නොමැතිව රිවෝල්වරයක් තම සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ජගත් සමරහේවා සහ බද්දේගම ජටිල ලාල් ප‍්‍රනාන්දු යන සැකකරුවන්ට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.
නඩුව කැඳවු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු එස්.යු.බී. කරල්ලියද්ද මහතා විසින් සැකකරුවන් හට පළමු චෝදනාවට දස අවුරුදු සිරදඬුවමක් හා ලක්ෂ 105 ක දඩයක්ද, දෙවැනි චෝදනාවට අවුරුදු දෙකක සිරදඬුවමක්ද නියම කළේය.
DE සිල්වා