මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ පළමු වරට ජල පිරවීම අද (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරෙන අතර ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248 ක් වන බවත් ජලාශයෙන් කළුගඟ පහල නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සදහා ජලය සැපයෙන බව සඳහන්ය.
ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව අද දිනයේ මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








