FAST NEWS

24×7 Around the Globe

පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමක්..

සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග හෙතෙම බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි, වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනය අක්‍රමවත්ව සිදුවන බවත් විදෙස් වාර්තා පවසයි.
ඊට අමතරව ඔහු විජලනයෙන් ද පෙළෙන බව එම වෛද්‍යවරුන් පවසා ඇති බව වැඩි දුරටත් පැවසේ.
DE සිල්වා