FAST NEWS

24×7 Around the Globe

දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන් අකුරට යයි..

දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
දුම්රිය තාක්ෂණ නිලධාරීන්ට සහ තාක්ෂණ සහයක ශිල්පීන්ට බලපාන ගැටලු අවස්ථා දෙකකදී දුම්රිය සේවක ගැටලු නිරාකරණය කිරීමට පත් කෙරුණු  කමිටුවට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති හෙයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව එම සංගමය පවසයි.
අකුරට වැඩ කිරීම හේතුවෙන් තවදුරටත් දුම්රිය අවලංගු වීම් ප්‍රමාද වීම් වැඩි විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.
දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය සේවයේ ආයතනයක් බවට පත්කොට පාලක මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට රජය ගෙන තිබෙන තීරණයට දුම්රිය වෘත්තිය සමිති දැඩි විරෝධයක් දක්වන බවද එම සංගමය පෙන්වා දෙයි.
DE සිල්වා