FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 06 ක විදුලි කප්පාදුවක්..

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන ජුලි 27 වැනිදා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා පැය 06 කාලයක් විදුලිය විසන්ධි කෙරෙන විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටියි.
මේ අනුව කොළඹ 03,04,05,07 හා 08 යන ප්‍රදේශයන්ට මෙසේ විදුලිය විසන්ධි කෙරෙන බව එම මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩි දුරටත් සඳහන් කර තිබේ.
DE සිල්වා