ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස (23) වනදා මොරගහකන්ද කළුගඟ ජලාශයට ජලය පිරවීම සිදුවෙනු ඇත.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණය. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200 ක් පමණ පෝෂණය කෙරෙනු ඇත.
දිවයිනේ පළාත් 04 ක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසදුම් ලැබේ.
මේ කටයුත්ත සදහා රුපියල් කෝටි 10112ක් වැයවී ඇති බවත්, ජලය පිරවීමට පෙර ඕනෑම කෙනෙකුට අදාළ භූමිය නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන බවත් මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
D.Undugoda








