FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපලට වසර 10ක මගී පර්යන්තයක්..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි වසර 10ක් සඳහා තාවකාලික මගී පර්යන්තයක් ඉදිකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ජයිකා ආයතනය සමග එක්ව ඉදිකිරීමට තීරණය කළද, එය තවදුරටත් ප්‍රමාද වන බැවින් මෙම මගී පර්යන්තය ඉදිකරන බවත්, ඒ අතරතුර දෙවැනි මගී පර්යන්තයේ ඉදිකිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
D.Undugoda