FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්..

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් එම අයදුම්පත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රවේශ පත්‍ර භාගත කරගත හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේ නොමැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා අයදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකිය.
උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වනදා ආරම්භ වන අතර සැප්තැම්බර් මස 01 වන දින තෙක් පැවැත්විමට නියමීතය.
DE සිල්වා