FAST NEWS

24×7 Around the Globe

උතුරු ආණ්ඩුකාරවරයාගෙන් දැඩි තීරණයක්…

උද්ගතව ඇති කරුණු කීපයක් මූලික කරගෙන උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පළාත් ‍ලේකම් කේ.පතිනාදන් මහතාට උතුරු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම තමාගේ අනුදැනුමකින් තොරව නොපවත්වන ලෙස දැනුම් දී ඇත.
පසුගියදා අමාත්‍ය පී. ඩෙනීෂ්වරන්ට එල්ලවූ දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට සී.වී. විග්නේෂ්වරන් කටයුතු කළ අතර පසුව ඩෙනීෂ්වරන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.
එහිදී මොහුට නැවත අමාත්‍යධුරය ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ අතර එම නියෝගයට එරෙහිව සී.වී. විග්නේෂ්වරන් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉහත කී තීරණය ගැනීමට පියවරගෙන ඇත.
D.Undugoda