බැදුම්කර සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලොසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන ට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ලබන ඔක්තෝබර් 11 වැනිදා ලබා දීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.
ඇප ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගූණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.
ඇලොසියස්ගේ හා පලිසේනගේ ඇප තීන්දුව ඔක්තොම්බර් 11 වැනිදා..








