FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයකින් පුරහල අවට තදබදයක් – වෝඩ් පෙදෙසද වැසෙයි..

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මේ වනවිට රථවාහන තදබදයක් ඇති පවතින බව පොලිසියි කියයි.
එසේම මෙම විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දෙසට පිවිසෙන වෝඩ් පෙදෙසද තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
නවකවදය ලබාදීම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබේ.
DE සිල්වා