FAST NEWS

24×7 Around the Globe

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට දින නියමක් නොමැති විදෙස්ගත විමේ තහනමක්..

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ, අසංග එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිව්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත අධිකරණය මෙම නියෝගය නිකුක් කළේය.
මේ අතර, එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය සිය තැන්පත් කරුවන්ට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අවස්ථා රැසකදී වාර්තා වු අතර මෙම ආයතනයේ රුපියල් බිලියන ගණනක් මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන් අවස්ථා ගණනාවකදී සිය තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින් එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට පැමිණියේය.
නමුත් ඒ කිසිදු අවස්ථාවක තැන්පත්කරුවන්ට අදාල මුදල් ලබා දීමට ආයතන බළධාරීන් කටයුතු නොකළ අතරල මේ හේතුවෙන් උණුසුම් තත්ත්වයන් පවා ඇති විය.
DE සිල්වා